Visual Studio 2010 වල එන AJAX Toolkit එක


        ඔයාලා jsp, php හෝ වෙනත් language එකක් (asp.net හැර) කරන කෙනෙක් නම් web page එකකට ajax ටිකක් ඔබ්බව ගන්න එක දන්නව අති තරමක් අමාරුයි කියලා. නමුත් asp.net වලින් මේක ලේසියෙන් කරගන්න පුලුවන්. එ asp.net වලින් සපයන ajax toolkit එකෙන්. asp.net කරන අයට නම් මෙකෙ අලුතෙන් කියන්න දෙයක් නෑ. visual studio 2010 වල නම් default එනනෙ basic tools ටික විතරයි. සම්පූර්ණ tools set එක ඕනෙ නම් download කරගෙන වෙනම add කරගන්න වෙනවා (go to Toolbox > right click on AJAX Extensions > select Choose Items.. > click Browse button in .NET Framework Component tab > select AjaxControlToolkit.dll).

        asp.net වල ajax පාවිච්චි කරන හැටි කියනව නම්, මුලින්ම script manager control එක body tag එක ඇතුලෙ දාගන්න ඕනෙ. script manager control එක තිබීම අනිවාර්‍යයි. ඉන් පස්සෙ අපිට page load විමකින් තොරව කරගන්න ඕන දේ (උදා: image එකක් load විම) update panel එකක් දාලා එක ඇතුලෙ දානව. update panel  එකේ තියන දේ trigger වෙන trigger control එක (උදා: button එකක්) ඕනෙනම් update panal එකේම හෝ වෙනම දානන පුලුවන්.

<form id="form1" runat="server">
    <asp:ScriptManager ID="ScriptManager1" runat="server">
    </asp:ScriptManager>
    <div>
        <asp:UpdatePanel ID="UpdatePanel1" runat="server">
            <ContentTemplate>
                <asp:Image ID="Image1" runat="server" />
            </ContentTemplate>
            <Triggers>                

            </Triggers>
        </asp:UpdatePanel>
    </div>
</form>

තව ගොඩක් වැඩ තියෙනව. කරලම බලන්න!

Comments

Popular posts from this blog

Calendar Control එකෙ date disable කරමු.

HTML Microformats ගැන දැනගනිමු

මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)